ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාව සඳහා නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා

ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාව සඳහා නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා

මෙම උපාධිය ප්‍රථම වරට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් පිරිනමණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය හා SLQF අනුකූලව විෂය නිර්දේශ සකස්කරන ලද ජාත්‍යන්තර‍ව පිළිගත් රැකියාභිමුඛ වසර 04ක ගෞරව උපාධි පාඨමාලාවක්.

ව්‍යවහාරික සන්නිවේදනය සඳහා ශ්‍රී ලංකාවේ ඇති එක ම ගෞරව උපාධි පාඨමාලාව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් ප්‍රදානය කෙරෙන අතර න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සමඟින් සන්නිවේදනය අධ්‍යයනය කිරීමට කැමැති ඔබත් අද ම ලියාපදිංචි වන්න.

  • නව කණ්ඩායම් ආරම්භය: 2026 මාර්තු
  • දේශන පැවැත්වෙන දින: සෙනසුරාදා, ඉරිදා
  • මාධ්‍ය: සිංහල / ඉංග්‍රීසි

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31

අයදුම්පත බාගත කිරීම සඳහා සබැඳිය:
https://drive.google.com/file/d/1slPv4qUm-QOBBC7_P3OyL3hQFSTjHxei/view

සබැඳිය ඔස්සේ බාගත කරගන්නා ලද අයදුම්පත්‍රය, අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය සමඟ – සහකාර ලේඛකාධිකාරී, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, NIIBS CAMPUS, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමු කරන්න. (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පාඨමාලාවේ නම සහ අයදුම් කරන භාෂා මාධ්‍ය සඳහන් කරන්න. උදා: ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාව – සිංහල මාධ්‍ය).

වැඩි විස්තර සඳහා අමතන්න: 071 601 1034 (ආචාර්ය සේනක සෙනෙවිරත්න – පාඨමාලා සම්බන්ධීකාරක).

COM Hons Ad Sinhala2026march 01 scaled