135 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරන්නට යෙදුනු ‘Archaeology Field School – 2025’ දෙදින පුරාවිද්‍යා වැඩමුළුව ජූලි මස 05 සහ 06 යන දෙදින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී ඉතා සාර්ථක අන්දමින් පැවැත්වෙන්නට විය.
මෙහිදී,
- ප්‍රාග් ඓතිහාසික අවදියේ ශිලා මෙවලම් නිර්මාණ තාක්ෂණය
- පුරා තාරකා විද්‍යාව
- සත්ත්ව පුරාවිද්‍යාව හා සත්ත්ව අස්ථි හඳුනාගැනීම
- පාෂාණීභූත විද්‍යාව හා පොසිල සාධක හඳුනාගැනීම
යන විෂය ක්ෂේත්‍රයන් අළලා මෙම දෙදින පුරාවිද්‍යා වැඩමුළුව පැවැත්වින. මේ සඳහා දිවයිනේ නන් දෙස විශ්වවිද්‍යාල හා ආයතන නියෝජනය කරමින් 150 කට ආසන්න විද්‍යාර්ථයින් පිරිසක් සම්බන්ධ විය.



























