ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය වූ ඉන්දියාවේ නාලාන්දා විශ්වවිද්‍යාලය ආදර්ශ කර ගනිමින් ඉදිකර ඇති මෙම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වර්ෂ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් උපාධි ප්‍රදානය කිරීමට බලය ලත් අධ්‍යයන ආයතනයකි. ගිහි පැවිදි විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන මෙම ආයතනයේ මූලාරම්භය 2013 වසර දක්වා දිවයයි. මානෙල්වත්ත රජමහාවිහාරාධිපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක වන පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් උපකුලපති ධූරය දරන අතර මෙම ආයතනය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, බුරුමය, හොංකොන්, චීනය වැනි රටවලද ජනප්‍රියත්වයක් උසුලයි.

ප්‍රධාන පීඨ තුනකින් සමන්විත අප අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය 2020 වසරේ ආරම්භ කරන ලදී. දැනට ඉහළ ගුණාත්මක බවකින් සහතිකපත්‍ර පාඨමාලාවල සිට ශාස්ත්‍රවේදී උපාධි දක්වා අධ්‍යයන කටයුතු සිදුකරගෙන යනු ලබයි. දේශීය හා විදේශීය ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන මෙහි සන්නිවේදනය හා මාධ්‍ය සැලසුම්කරණය, පුරාවිද්‍යාව, මානවවිද්‍යාව, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය යන අධ්‍යයනාංශ තුළින් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පිරිනැමීමට කටයුතු ආරම්භ කර ඇත.



ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අධ්‍යාපනයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණය උපාධිය NIIBS ආයතනයේදී 2023 වසරේ සිට ආරම්භ කෙරේ. මෙම උපාධිය අ:පො:ස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයයන් තුනක් සමත් සියලු විද්‍යාර්ථින් සඳහා විවෘත වේ.
විශේෂතා
- ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් වීම
- රජයේ අනුමැතිය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුමැතිය
- වෘත්තියාභිමුඛ පාඨමාලාවක් වීම
- න්‍යායික හා ප්‍රායෝගික අභ්‍යාස මත පදනම් වීම
- ප්‍රවීණයන්ගේ නිර්මාණකරුවන්ගේ මග පෙන්වීම
- ජාත්‍යන්තර පිළිගැනීම හා විදේශීය ශිෂ්‍යත්ව
- උපාධි පාඨමාලාව සඳහා ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සමත් ඕනෑම අයෙකුට අයදුම් කළ හැකි වීම
- ආසියාතික මාධ්‍ය ආයතන දැකගැනීමට විදේශ සංචාරක අවස්ථා සඳහා අනුග්‍රහය
- කථිකාචාර්ය තනතුර ඇතුළු රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාගැනීමට සුදුසුකමක් වීම
- මාධ්‍ය ආයතනවල සේවාස්ථ පුහුණුව
- සිනමාව, රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත ඇතුළු මාධ්‍ය ආශ්‍රිත තිරරචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංස්කරණය, සැළසුම් කිරීම, ඉදිරිපත් කිරීම, කළමනාකරණය ඇතුළු සියලුම විෂයයන් ප්‍රායෝගිකව ආවරණය
- ඉංග්‍රීසි හා පරිගණක අධ්‍යාපන අඛණ්ඩව ලබාදීම
- දැරිය හැකි ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් පැවතීම
- ශාස්ත්‍රීය වින්දනාත්ම හා පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අත්දැකීම
- නේවාසිකාගාර හා ක්‍රීඩා පහසුකම්
- නිශ්චිත කාලරාමුවකට අනුව උපාධිය නිමකළ හැකි වීම
- වයස් භේදයකින් තොරව ඉල්ලුම් කළ හැකි වීම
නිර්මාණාත්මක ගෝලීය අධ්‍යාපනික වටපිටාව සමග තවත් ගුණාත්මක බොහෝ දේ…
මේ පිළිබඳ වැඩි විස්තර ලබාගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක හෝ අපගේ විද්‍යුත් ලිපිනය භාවිත කරන්න.
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන අංශය
- දුරකථන අංක: 071 601 1034 / 0112 904 663 / 0112 904 660
- විද්‍යුත් ලිපිනය: fhss@niibs.edu.lk, media@fhss.edu.lk
- ලිපිනය: නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය, මානෙල්වත්ත, කැලණිය, ශ්‍රී ලංකා








