ව්‍යවහාරික පුරාවිද්‍යාව සඳහා ශ්‍රී ලංකාවේ ඇති එක ම ගෞරව උපාධි පාඨමාලාව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් ප්‍රදානය කෙරෙන අතර න්‍යායික හා ප්‍රායෝගික දැනුම, ක්ෂේත‍්‍ර චාරිකා සහ විද්‍යාගාර අධ්‍යයන සමඟින් මානව අතීතය විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීමට කැමැති ඔබත් අද ම ලියාපදිංචි වන්න.
- නව කණ්ඩායම් ආරම්භය: 2026 මාර්තු
- දේශන පැවැත්වෙන දින: සෙනසුරාදා, ඉරිදා
- මාධ්‍ය: සිංහල / ඉංග්‍රීසි
රැකියා අවස්ථා: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ගාලු උරුම පදනම වැනි ආයතනවල රැකියා අවස්ථාවන්ට සහ කථිකාචාර්ය සහ ගුරු වෘත්තීන්ට පිවිසීමේ හැකියාව සමඟින් ඉන්දියාව, එක්සත් රාජධානිය, යුරෝපය, චීනය, ඊජිප්තුව වැනි රටවල පුරාවිද්‍යාඥයෙකු ලෙස සේවය කිරීමේ හැකියාව.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
අයදුම්පත බාගත කිරීම සඳහා සබැඳිය:
https://drive.google.com/file/d/1slPv4qUm-QOBBC7_P3OyL3hQFSTjHxei/view?usp=sharing
සබැඳිය ඔස්සේ බාගත කරගන්නා ලද අයදුම්පත්‍රය , අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය සමඟ – සහකාර ලේඛකාධිකාරී, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, NIIBS CAMPUS, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමු කරන්න. (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පාඨමාලාවේ නම සහ අයදුම් කරන භාෂා මාධ්‍ය සඳහන් කරන්න. උදා: ව්‍යවහාරික පුරාවිද්‍යාව ගෞරව උපාධි පාඨමාලාව – සිංහල මාධ්‍ය)
වැඩි විස්තර සඳහා අමතන්න: 076 823 3638 (කථිකාචාර්ය කේ.අයි.ඩී. ෆොන්සේකා – පාඨමාලා සම්බන්ධීකාරක).









